නීතිපති උපදෙස් ලැබී නෑ
ජනාධිපතිගේ හිටපු උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය සිද්ධියේ නීතිපති උපදෙස් තවම ලැබී නැතැයි රහස් පොලීසිය කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට අද දැනුම් දුන්නේය.
එහි සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනද නීතිපතිගෙන් විමසා තිබිණි.
සැකකරුවන් යළි රිමාන් කළ මහේස්ත්‍රාත් නඩුව ජනවාරි පළමු වැනි දිනට කල් තැබුවේය.

